Social Icons

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Pages

Wednesday, January 30, 2013

How to Enable .net Framework 3.5.1 Offline in Windows 8

 මේක මගෙ පළවෙනි post එක. ඒක නිසා අඩු පාඩු හුගක් ඇති. ඒව මොනවද කියල comment කරනවනම් ලොකු උදව්වක්. 
    
   Windows 8 දැන් ඉතාමත් ජනප්‍රිය වෙමින් පවතින OS එකක්.ඒත්  ඒකෙ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි  .net Framework 3.5.1 කියන feature එක disable ලෙස තිබීම නිසා .net Framework 3.5.1 වලින් run වෙන වැඩසටහන් ක්‍රියාත්මක නොවී ඉහත තියෙන message එක එන එක.බොහෝ open-source වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නෙ .net Framework 3.5.1 මගින් නිසා Win.8 වල එම වැඩසටහන් නිසියාකරව ක්‍රියාත්මක නොවේ.හරි හරි වැඩි කතා නැතුව බලමු කොහොමද .net Framework enable කරන්නෙ කියල.

      ඉස්සෙල්ලම Windows 8 DVD එක දාන්න. දැන් command prompt එක open කර ගන්න ඕනෙ.(Start එකට ගිහින් cmd කියල type කරන්න.දැන් command prompt එකට right click කරාම යටින් එන Bar එකෙ Run as administrator කියන එකට click කරන්න) හරි දැන් යට තියෙන command එක දෙන්න. 

dism.exe /online /enable-feature /featurename:NetFX3 /Source:F:\sources\sxs /LimitAccess
 
 මේ command එකෙ F කියල තියෙන්නෙ තැනට Windows 8 DVD එක තියෙන disk එකෙ letter එක දෙන්න.ආ තව දෙයක් මේ command එකෙ තියෙන Space අනිවාර්‍යයෙන්ම තියන්න.Space නැතුව type කරල පස්සෙ මට බනින්න එපා හොදේ :p

  හරි දැන් PC එක Restart කරන්න.වැඩේ ගොඩ නේද?  
     ඔය වැඩි වැඩ වලට කැමති නැති අයට යට තියෙන file එක download කරල ඒක run කරන්න.ඒකෙදි Windows 8 DVD එක තියෙන Disk Letter එක විතරයි දෙන්න ඕනෙ. ඊට පස්සෙ PC එක restart උනාට පස්සෙ හරි. Comment එකක් දාන්න අමතක කරන්න එපා....  
                                                      How To Download
                                                1. Click on the download links above
                                             2. Wait for few seconds and then click on



No comments:

Post a Comment

 
Protected by Copyscape Online Copyright Protection Software